header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
22ට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගනී
Sep 02, 202610:26 AM
22ට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගනී
Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් අද (02) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවෙයි.  

මේ වන විට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම් සිදුකරනු ලබයි.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් වීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර එම දේශන අවසානයේදී නීතිපතිවරයා විසින් මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභවය පිළිබඳව සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (01) පෙරවරුවේ ඇරඹී මෙම පෙත්සම් විභාගය රාත්‍රී 10.30 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත්වුණි.

ඊයේ දින අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබූ කොළඹ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය" අන්තර්ගතව තිබෙනවා. යෝජිත සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවට බලපෑම් සිදුවෙනවා. මේ හරහා අධිකරණයේ ස්වාධීනත්වයටත් අහිතකර බලපෑමක් එල්ල වෙනවා. යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. එය ක්‍රියාත්මක කරනවානම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. මොකද? පාර්ලිමේන්තුවට පමණක් මේ කටයුත්ත සිදු කිරීමට අවසර ලබා දුන්නොත් ඉදිරියේදී බලයට පත්වෙන තවත් ආණ්ඩුවක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ ආකාරයෙන්ම දීර්ඝ කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම විනිසුරුවරුන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයත් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඔවුන් උත්සාහ කරන්න පුළුවන්. මේක ජනතා පරමාධිපත්‍යයට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් විශාල අනතුරක්. මෙවැනි බරපතළ සංශෝධනයක් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට පමණක් සම්මත කිරීමට අවසර දීම සුදුසු නෑ" යනුවෙන් සඳහන් කළේය.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාව තුළින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනොත් අධිකරණ ස්වාධීනත්වය අඩාල වෙනවා. අධිකරණ ස්වාධීනත්වය අඩාල වුවහොත් ඒ හරහා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට දැක්වෙන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයත් දුර්වල වෙනවා.  ඒ හරහා සෘජුවම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීම් සිදුවනවා. එම නිසා මෙම සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය නම් එය අනිවාර්යන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතුයි" යනුවෙන් සරත් වීරසේකර මහතා සඳහන් කළේය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල