header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද යළි ඇරඹේ
Sep 02, 202606:43 AM
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද යළි ඇරඹේ
Mobitel 1278

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද (02) යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙත්සම් සලකා බැලීමට ඊයේ (01) පෙරවරු 10ට පමණ ආරම්භ වු අතර ඊයේ රාත්‍රී 10.30 පමණ වන තෙක් පෙත්සම් සලකා බැලීම සිදුවූ බව 'අද දෙරණ' අධිකරණ වාර්තාකරු පැවසුවේය.  

අද දිනයේ දී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතීපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සාමාජිකත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම ඊයේ ආරම්භ වුණි.

ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණි.

පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ, මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනතක් වන අතර මෙමඟින් අගවිනිසුරුවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ වීමක් සිදුවන බවය.

ඒ නිසා ලබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් විභාගය ශ්‍රේෂඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලා සිටින බව කියා සිටියේය.

අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් ද එම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාට බවය.

විනිසුරු මඬුල්ලේ සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙති පැවරී ඇති අතර ඊට බාහිර පාර්ශ්ව මැදිහත්වීමේ හැකියාවක් නොමැති බවඳ සොලිසිටර් ජනරාල් විරාජ දයාරත්න මහතා පැවසූවේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව නම් කර සිටි පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකාබැලීම ආරම්භ කෙරුණි.

අනතුරුව ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් කරුණු දැක්වූ අතර පෙත්සම්කාර මහාචාර්ය ජී. එල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් ආණ්ඩුවකට විනිසුරුවරුන්ගේ නිදහසේ රාජකාරී කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවය.

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවන බවය.

නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් වන විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳ තමන් විසින්ම නිශ්චියක් ලබාදීම නුසුදුසු වන අතර මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවන්ට බලපෑමක් සිදුවන නිසා මෙම පෙත්සම ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නොවන බවත් ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේය.

ඊළඟට ඇති විකල්පය ජනමත විචාරණයක් මඟින් පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාවට භාර කළ යුතු බවද ශ්‍රීනාත් පෙරේරා මහතා එහිදී කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල