
ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසු වුණි.
ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ජේ.ඒ මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනය කර ඇති අතර රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වය ලබා දී තිබේ.
ප්‍රියංකර පෙරේරා මහතා චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

















































