header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අද ඇරඹුණු 22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න
Sep 01, 202607:40 PM
අද ඇරඹුණු 22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න
Mobitel 1278

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු පෙත්සම් සලකා බැලීමට පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ ඉල්ලීම අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (01) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් 67 සලකාබැලීම අද ආරම්භ වූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත් වුණු සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පවතින පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේම පෙත්සම් සලකා බලන බවට වන නියෝගය ප්‍රකාශයට පත්කළේය.

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් සතියකට පසු එනම් ඉකුත් අගොස්තු 18 වැනිදා එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් පසු එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා දෙසතියක කාලයක් හිමිවූ අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් විය.

ඒ අනුව 22 වන සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67 ක් ගොනුකර ඇත.

ඒ අතරින් පෙත්සම් 41ක් මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම ද විශේෂත්වයකි.

ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 05 කි.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතිසි යවා තිබේ.

එලෙස 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම් අද පෙරවරුවේ සලකා බැලීම ආරම්භ විය.

ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු කටයුතු කරයි.

පෙත්සම් සලකා බැලෙන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම් ඉදිරිපත් කෙරුණු පාර්ශ්වයන්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියෝය.

පෙත්සම් කැඳවීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ 502 ශාලාවේදී සිදුකෙරුණු අතර, එහි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියෝය.

එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙය මහජන අවධානයට පාත්‍ර වන නඩුකරයක් බැවින් එය සෑම පුද්ගලයෙකුටම සවන් දීමට හැකිවන පරිදි ඉඩ පහසුකම් සහිත 501 ශාලාව වෙත මාරු කරන ලෙසය.

එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකා බැලීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමටය.

අනතුරුව පෙත්සම් විභාගය යළි ඇරඹුණු අතර එම අවස්ථාවේදී පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්

"ස්වාමීනි.. මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් සඳහන් කළා. 

ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්‍රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාට බව පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය. 

ඒ අනූව පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම් සළකා බැලීම ආරම්භ විය.

පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සූමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු මෙලෙස කරුණු දැක්වීය.

"යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගත ව්‍යවස්ථා කිහිපයක්ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් සදහා යොමුකිරීමට තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යය හා කෙලින්ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදු කරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා. වත්මන් අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත්කළා  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. නමුත් අධිකරණය සඳහන් කළා ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බවට. 2022 වසරේ දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුවේ අධිකරණය ප්‍රකාශ කළා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට. මෙහි බරපතළභාවය ගැන නීතිඥ සංගමය බලධාරීන්ට ලිව්වා. නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේදී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයට මහ සභා රැස්වීමක් කැදවීමට සිදු වුණා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විනිසුරුවරු හය දෙනෙකු විශ්‍රාම ගියා. අග විනිසුරුවරු දෙදෙනෙකු විශ්‍රාම ගියා. මෙම සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා." යනුවෙන් පැවසුවේය. 

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ,

"විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට පරිසරයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබු පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. අධිකරණ ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුවීම ගැන මා කනගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්. විධායකය මේ ආකාරයට ඔබතුමන්ලාව අපහසුතාවයට ලක් නොකළ යුතුයි. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අඩු කිරීමෙන් පමණක් නොව එය ඉහළ නැංවීමෙන් පවා අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ පැරණිතම රාජ්‍යයක්. අපට චීනයක් හෝ වියට්නාමයක් වීමට අවශ්‍ය නැහැ" යනුවෙන්  නීතිඥවරයා සඳහන් කළේය.

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා ද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

"නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් තිබෙනවා. විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නුසුදුසු බවට. මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවරුන්ට බලපෑමක් සිදු වන නිසා මෙම පෙත්සම් ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නෑ. එසේ නම් ඊළගට තිබෙන විකල්පය කුමක් ද? ඒ තමයි ජනමත විචාරණය. '' යනුවෙන් පැවසුවේය.

22 සංශෝධනය සම්බන්ධ පෙත්සම් සලකා බැලීම මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුකරමින් පවතී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල