
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 27,475කට අයත් පුද්ගලයින් 88,068ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවය.
මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක් සඳහා පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පවුල් 27,048කට අයත් පුද්ගලයින් 86,368 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මින් වැඩිම ප්‍රමාණයක් පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පවුල් 11,751කට අයත් පුද්ගලයින් 37,890 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන තිබේ.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,523 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇත.
තවද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2,823කට අයත් පුද්ගලයින් 8,847ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,227කට අයත් පුද්ගලයින් 8,383ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 683කට අයත් පුද්ගලයින් 2,646ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 17කට අයත් පුද්ගලයින් 79 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

















































