header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සරසවි ආචාර්යවරුන් දැඩි තීරණයක
Sep 01, 202606:38 PM
විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සරසවි ආචාර්යවරුන් දැඩි තීරණයක
Mobitel 1278

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් හෙට දිනයේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ හෙට (02) දිනයේදී දිවා විවේක කාලය තුළදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු එක්ව මෙම විරෝධතාවයේ නියැලීමට තීරණය කළ බවය.

එමෙන්ම මේ සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් එළැඹෙන සතිය වන විට මෙම විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර කිරීමටද කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ සඳහා යෝජනාවලියක්ද රජයට ලබා දුන් බවත්ය.

කෙසේ නමුත් රජය විසින් එම යෝජනා සඳහා හෝ සාකච්ඡාවලින් එළැඹෙන එකඟතා ක්‍රියාත්මක නොකරන තත්ත්වකට පත්ව ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

තවද මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමගද සාකච්ඡා කළ බවත් පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරිය වෙත ලිඛිතවද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළ බවද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මේ වන තුරුත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් පැවසූ ඒ මහතා මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් රැසක් සේවය හැරගොස් ඇති බවද සඳහන් කළේය.

2015 වසර වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට වසරකට ශිෂ්‍යන් 25,000ක ප්‍රමාණයක් බඳවා ගනු ලබන බවත් මේ වන විට එය වසරකට ශිෂ්‍යන් 45,000ක් දක්වා වර්ධනය වී ඇතැයිද පැවසුවේය.

කෙසේ නමුත් 2015 වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 5,800ක් සිටි නමුත් මේ වන විට ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බවත් පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා,

"පහුගිය වසර කිහිපය තුළ විශාල වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාලය හැර ගියා. මේ වනකොට යම් ප්‍රමාණයක් බඳවා ගැනීම් විවෘත කරලා තිබුණත් ඒ තනතුරුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අයදුම් කරන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙනවායි කියන්නේ මේ රටේ අනාගතය බිඳ වැටීම. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ පිළිබඳව කන් දෙන්න බැරිනම් අපි ලෑස්තියි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න. අපි වසර දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධව සාකච්ඡා කළා. විසඳුමක් නැති තැන අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා හෙට දවසේ දිවා විවේක කාලයේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විරෝධතා දක්වන්න. හැබැයි හැබැයි මේ පටන් ගන්න විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව මේවට විසඳුම් දෙන තුරු අඛණ්ඩව පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල