header logo
SLIC
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නැහැ - අධිකරණ ඇමති
5h ago
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් නැහැ - අධිකරණ ඇමති
Mobitel 1278

මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන්ට කිසිදු සමාවක් ලබාදීමට සූදානම් නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බන්ධනාගාර තුළ හදිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ මහර බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමිනි.

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය පසුගිය කාලයේ බරපතළ ගැටලුවක්ව පැවති නමුත්, එම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකර ඇති අතර, එහි නිලධාරීන් රාත්‍රී 10.00 පමණ වනතුරු රාජකාරි කරමින් වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය අගෝස්තු මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි මාස දෙක තුළ දැනට පවතින සියලු රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම අරමුණ බවත්ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙනත් කිසිදු රජයක් යටතේ අත්අඩංගුවට නොගත් මත්ද්‍රව්‍ය වත්මන් රජය යටතේ අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

බන්ධනාගාරගතව සිටින සියලුදෙනා අපරාධකරුවන් නොවන බවත්, ඇතැම් පුද්ගලයන් එක් අවස්ථාවක සිදුවූ වරදක් හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බැවින් ඔවුන්ට දෙවන අවස්ථාවක් ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම බන්ධනාගාර තුළ පසුගිය කාලයේ ඇති වූ සිදුවීම්වලදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහාය ලැබුණු බවද ඔහු සඳහන් කළේය.

යළි එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් සාර්ථකව මුහුණදීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බැවින්, මේ වනවිට බන්ධනාගාර 15ක එවැනි ඒකාබද්ධ යාන්ත්‍රණ ස්ථාපිත කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාරයක් තුළ ගැටලුකාරී සිද්ධියක් ඇතිවීමට පෙර එය හඳුනාගෙන විසඳුම් ලබාදීම, හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකරණය පවත්වා ගනිමින් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු විධිමත් කිරීම මෙම යාන්ත්‍රණයේ ප්‍රධාන අරමුණු වේ.

මේ අතර, පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් රැඳවියන් විසින් ගිනි තබා විනාශ කළ ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්ථාපන අංශය, ගෙතුම් අංශය සහ විවින් අංශය ඇතුළු ස්ථානද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය මාසය තුළ මහර බන්ධනාගාරයට අදාළ රස පරීක්ෂක වාර්තා 500ක් නිකුත් කර ඇති බවයි.

බන්ධනාගාරයෙන් නිදහස්ව ගිය පසු යළි මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ක්‍රියාවලට යොමු නොවී සමාජයට යහපත් පුද්ගලයන් ලෙස කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා රැඳවියන්ගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබාදීමට සූදානම් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, රැඳවියන් රටේ ඉදිරි ගමනට දායක විය හැකි ශ්‍රම බලකායක් ලෙස කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට