
වසරේ ගතවූ මුල් මාස 7ට මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,000 ඉක්මවා තිබේ.
අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති 2026 ජුලි මස අපනයන කාර්ය සාධනය පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව පැවසීය.
ඒ මහතා පැවසුවේ ඒ අනුව ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස 7 තුළ අපනයන ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් වාර්තා කර ඇති බවය.
මෙම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණය වාර්තා කර ඇත්තේ පළමුවරට බව පැවසූ ඒ මහතා එහිදී එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනය සහ සේවා අංශයේ අපනයන ආදායම කැපී පෙනෙන අගයන් වාර්තා කළ බවද පැවසීය.
එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 8,188ක ප්‍රමාණයක් සහ සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ප්‍රමාණයක්ද වාර්තා කළ බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
අපනයන ආදායම් වාර්තා කිරීමට තේ ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම රබර්, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු වැනි ක්ෂේත්‍ර රැසක දායකත්වය දැක්වූ බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,
"ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛණ දත්තවලට අනුව ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක වර්ධනයක් අපි අරගෙන තිබෙනවා. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,285කුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 351කුත් ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මේ වසරේ මුල් මාස 7දී සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. මුල් වතාවට තමා අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් අපි ලබා ගන්නේ. එහිදී විශේෂයෙන් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8,188ක ප්‍රමාණයකුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ප්‍රමාණයකුත් වාර්තා වෙනවා. එහිදී කැපී පෙනෙන අංශ වෙන්නේ තේ ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන. ඒවගේම රබර් කර්මාන්තය, ආහාර සහ බීම, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, වැනි ක්ෂේත්‍ර කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 7දී දකින්න පුළුවන්.
ඒ වගේම සේවා අංශය ගත්විට කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා අපගේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව. ඊට අමතරව ලොජිස්ටික් ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන වර්ධනයක් පසුගිය මාස 7දී දකින්න පුළුවන්. මාස 7දී තේ ආශ්‍රිත අපනයනයේදී ගිය වසරට සාපේක්ෂව වර්ධනයේ අඩුවීමක් මාස 7දී පෙන්නුම් කරනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයත් එක්ක අපගේ තේ අපනයනය කිරීමේදී තිබෙන බාධාවත් පසුගිය මාස 7දී ඒ ටාගට් එක සපුරා ගැනීමට අපහසු වීම."

















































