
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.
ඉන් එක් පෙත්සමක් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇත.
අදාළ පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.
ඒ අනුව, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

















































