
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අද (27) රාත්‍රියේ වීථි සංචාරය කළ අවසන් මහා රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන්ද එක්වූහ.
එමෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු මෙන්ම විදෙස් තානාපතිවරු සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

























































