
තලෛයිමන්නාම දුම්රිය පෙදෙසේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අදාළ තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලෛයිමන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































