header logo
SLIC
උණුසුම් පුවත්
පේරාදෙණිය සරසවියේ මූල්‍ය අක්‍රමිකතා ගැටලු රැසක් COPEහීදී හෙළිවෙයි
2h ago
පේරාදෙණිය සරසවියේ මූල්‍ය අක්‍රමිකතා ගැටලු රැසක් COPEහීදී හෙළිවෙයි
EDEX

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අක්‍රමිකතා සහ අපජල කළමනාකරණ ගැටලු රැසක් පිළිබඳව තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ හෙළි වී තිබේ.

ෙපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්ව ඇත.

මීට පෙර මෙම මස 05 වන දින පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස මෙම දෙවැනි හමුව පවත්වා තිබේ.

මෙහිදී විශ්වවිද්‍යාලයේ මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය, පර්යේෂණ දීමනා ගෙවීම, ආයතනික පාලනය සහ ඉදිරි සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූ අතර, එහිදී කරුණු රැසක් අනාවරණය වූ බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර කිහිපයකින් බැහැර වන අපජලය නිසි පරිදි කළමනාකරණය නොවීම හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කර තිබේ.

මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට මෙම පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු ප්‍රමාද වීම නිසා, මුල් ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බව හෙළි වූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ජයිකා (JICA) ආයතනය හරහා රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන ලබාගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දී තිබේ.

තවද, විශ්වවිද්‍යාලය සතුව බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් පැවතීමත්, ඇතැම් ව්‍යාපෘති අවසන් වී තිබියදීත් එම ගිණුම් වසා නොදමා පවත්වාගෙන යාම සහ මධ්‍යගතව නිරීක්ෂණය නොවීම සම්බන්ධයෙන් කාරක සභාව දැඩි අවධානයක් යොමු කර ඇත.

මෙහිදී වඩාත් කතාබහට ලක් වූ තවත් කරුණක් වී ඇත්තේ පර්යේෂණ දීමනා ගෙවීමය.

පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ අදාළ පර්යේෂණ වාර්තා ලබාගැනීමකින් තොරව, අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බව අනාවරණය වී ඇත.

ඉන් නිලධාරීන් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි. පර්යේෂණ දීමනා කිසිදු විටෙක අමතර වැටුපක් ලෙස භාවිත කිරීම අනුමත කළ නොහැකි බව අවධාරණය කළ COPE කමිටුව, ඒවා නිසි ක්‍රමවේද යටතේම භාවිත කළ යුතු බව පෙන්වා දුන් බව සඳහන් වේ.

මීට අමතරව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව පවත්වාගෙන යන තනතුරු සහ සිදුකර ඇති දීමනා ගෙවීම් සම්බන්ධයෙන්ද කරුණු විමසූ කාරක සභාව, රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට අනුකූල නොවන එවැනි සියලු ගෙවීම් නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.

විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන සැලසුම් පැහැදිලි කාර්ය සාධන දර්ශක සහිතව සකස් කරන ලෙසත්, අපජල හා කසළ කළමනාකරණය මෙන්ම නව සායනික බ්ලොක් ඉදිකිරීම් කඩිනම් කරන ලෙසත් මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana