
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් සචින්ත අබේසිංහ මහතා පත්වී තිබේ.
මෙරට දිස්ත්‍රික්ක විසි තුනක වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ කමිටු නියෝජිතයන් 150කුගේ නියෝජිතත්වයෙන් මෙරට රතු කුරුස තරුණ සම්මේලනයේ 2026 වාර්ෂික සමුළුව කොළඹදී පැවැත්වුණි.
ඒ පසුගිය 22වනිදාය.
ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ තරුණ සම්මේලනයේ නියෝජිතයන්ගේ ඒකමතික තීරණයෙන් සචින්ත අබේසිංහ මහතා ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා රතු කුරුස තරුණ කමිටුවේ සභාපති ලෙස එහි දී තේරී පත්විය.
එහි ලේකම් ලෙස පී.නවින්දු රත්නායක ද භාණ්ඩාගාරික ලෙස නඩරාජා මිලක්ෂාන් ද ඇතුළු විසි දෙනෙකු ගෙන් යුත් සමස්ත ජාතික කමිටුව නිතරගයෙන් පත් විය.
මෙරට ක්‍රියාත්මක පැරණිතම සහ විශාලතම ස්වේච්ඡා සමාජසේවා ක්‍රියාකාරී සංවිධානය වන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ තරුණ ස්වේච්ඡා ක්‍රියාකාරීකයන් ගෙන් සමන්විත තරුණ කමිටුවලින් තේරී පත් වූ දිස්ත්‍රික් තරුණ කමිටුවල නියෝජිතයෝ මෙම ජාතික සම්මේලනයට එක්වූහ.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සංශෝධිත නව ව්‍යවස්ථාවට අනුව තේරිපත් වන මෙම නව තරුණ නිලධාරීන්ට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ප්‍රධාන පරිපාලන ව්‍යුහයට ඇතුළත් වීමට සහ එහි තීන්දු තීරණ ගැනීමේ ඡන්ද තීරක අයිතිය ලබා ලබාදීම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ගත් ඓතිහාසික තීන්දුවක් බව සචින්ත මහතා පැවසීය.
රටපුරා රතුකුරුස සමාජය සිදු කළ සමාජසේවා කටයුතු වෙනුවෙන් දීර්ඝකාලීනව ස්වෙච්ඡා සේවය ලබාදුන් කිහිප දෙනෙකුට ඇගයීම් සම්මාන පිරිනැමීම මහින්ද සමරසිංහ මහතා අතින් සිදු කෙරිණ.
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලීය ප්‍රධානී ඇන්ජෙලිකියු ඇපෙරොවුක්ස් මිය (Ms.Angelique Appeyroux) සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති කේ.බාලක්‍රිෂ්ණන් මහතා ප්‍රධාන ආරාධිතයෝ ලෙස මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.



















































