
ගල්නෑව, ගලේවෙල පාර ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (23) දහවල් දරුවා නිවසේ නොමැති බවට පියා විසින් ගල්නෑව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවය.
එහිදී නිවස ආසන්නයෙන් ගලා බසින ඇළ මාර්ගයේ පාලමක් ආසන්නයේ සිරවී සිටි දරුවා සොයාගෙන තිබේ.
කඩිනමින් දරුවා ගල්නෑව රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති දරුවෙකි.
මෘතදේහය ගල්නෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


















































