
අද (23) අලුයම 2ට පමණ මෙම භූකම්පනයෙන් ටෝකියෝ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට ප්‍රබල කම්පනයක් දැනී ඇති අතර, හදිසි අනතුරු ඇඟවීමේ සයිලන් නාද වී ජංගම දුරකථන වෙතද අනතුරු ඇඟවීම් ලැබී ඇත.
මෙයින් පුද්ගලයින් 37 දෙනෙකුට පමණ සුළු තුවාල සිදුවී ඇත.
මේ අතර, සුනාමි තර්ජනයක් මතුව නොමැති බව ජපන් කාලගුණවිද්‍යා ඒජන්සිය පවසයි.


















































