
2026 මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය ආරම්භ කර තිබේ.
පස්වරු 06.28ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කළ පෙරහැර ශ්‍රී දළදා වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් පස්වෙනි හා අවසන් කුඹල් පෙරහැර ගෙවදීමට නියමිතය.
අද (22) සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලබන්නේ, ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ යුවරජු ලෙස සැලකෙන සිංහ රාජා විසිනි.
මියන් රාජා සහ පුලතිසි රාජා ඇත් යුගලය දෑල ගමන් කරනු ලබයි.


















































