
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි.
ඒ අනුව එම වාර්තා ඉල්ලුම්පත් නැවත පෙර පරිදි ඉදිරිපත් කළ හැකිය.
එමෙන්ම මීට පෙර clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය මගින් තාවකාලික ක්‍රමවේදය අනුගමනය කරමින් ඉල්ලුම්පත් යොමු කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.
ඒ හරහා ඉල්ලුම්පත් යොමු කළ සියලුම අයදුම්කරුවන් පද්ධතිය යථාවත් වූ පසු පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
පොලිස් මූලස්ථානය වසින් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මඟින් මෙම සහතික පත්‍ර නිකුත් කරනු ලබයි.
එම නිෂ්කාශන සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත්‍ර මුද්‍රණ කිරීම දත්ත පද්ධතියක් මගින් සිදු කෙරේ.
එම පද්ධතිය පසුගිය 20 වැනිදා දහවල් 12.50 සිට අක්‍රියව පැවැතුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කරම් මේ වනවිට යථාවත් කිරීමට පියවර ගැනුණි.



















































