
කූඨ ලේඛන සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල, රථවාහන ලියාපදිංචියට අදාළව ව්‍යාජ ලේඛන සකස් කර මුදල් ලබා ගන්නා බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.
එහිදී සැකකරුවන් සතුව තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශිර්ෂ පාඨ ඇතුළත් ආදායම් බලපත්‍ර ඉල්ලුම් පත්‍ර 02ක්, එම දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක්, ව්‍යාජ සාමවිනිසුරු රබර් මුද්‍රාවක්, ව්‍යාජ සහිතිකපත් සැකසීමට යොදා ගන්නා හැදුනුම්පත්වල ඡායා පිටපතක් සොයාගෙන ඇත.
එමෙන්ම ව්‍යාජ ලෙස සකස් කර ඇති නීතීඥවරයෙකුගේ විස්තර ඇතළත් රබර් මුද්‍රාවක් හා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපි කටයුතු සඳහා යොදා ගන්නා ෆයිල් කවරයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39, 52, හා 56 යන වයස්වල පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු බව සඳහන්.


















































