
අත්අඩංගුවට ගත් පෞද්ගලික වාණිජ බැංකු කළමනාකරුවන් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා, සැප්තැම්බර් 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් හුවමාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය (17) දිනක පෞද්ගලික වාණිජ බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.










































