
හැරී කුමරු සහ මේගන් කුමරිය යළි බ්‍රිතාන්‍ය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මස අගදී ඔවුන් අමෙරිකාවේ සිට ලන්ඩන් නුවර බලා පැමිණීමට නියමිත බවය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා රජ මාලිගයෙන් පරිභාහිර සාමාන්‍ය නිවහනක පදිංචි වීමට නියමිතව ඇති බව ද සදහන්.
මීට අමතරව පසුගිය සති අන්තය වෙන තෙක්, ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් චාල්ස් රජුට දැනුම්දී නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හැරී සහ මේගන් කුමරිය පසුගිය 2020 වසරේ දී බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වී අමෙරිකාව වෙත ගොස් තිබුණි.
හැරී සහ මේගන් යුවලගේ දරුවන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ පාසලකට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් යළි බ්‍රිතාන්‍ය වෙත පැමිණීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.







































