
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) දිනය වනවිට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇත.
අගෝස්තු මාසයේ ගෙවුණු කාලසීමාවට පමණක් ඩෙංගු රෝගීන් 7,777ක් වාර්තා වී තිබේ.
මේ අතර, ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ 19,825කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,475ක්, මහනුවරින් 6,726ක්,මාතරින් 6,066ක්,කළුතරින් 6,013ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වෙයි.







































