
2026 මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර ඊයේ (19) රාත්‍රීයේ වීථි සංචාරය කළේය.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1716 වැනි ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ රාත්‍රී 6.41ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කෙරුණි.
වසර 25කට පසුව දෙවැනි කුඹල් පෙරහැරේ කරඬුව වැඩමකරවීමේ භාග්‍යය ශ්‍රී දළදා මාළිගාවේ ජනරාජා හස්තියාට හිමිවීම විශේෂත්වයකි.
දෑලේ ඇතුන් ලෙස ගමන්ගත්තේ මියන් රාජා සහ සිංහ රාජා හස්තීන් ය.
ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ වූ පෙරහැර සිව් මහා දේවාල පෙරහැරද කැටුව වැව පාර, දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීම සිදුවුණි.
තුන්වල කුඹල් පෙරහර අද (20) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතය.








































