
සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් මඟින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා 'පලෙයි කැලේ' සම්බන්ධයෙන් තහවුරු නොවූ අසත්‍ය කරුණු ඉදිරිපත් කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 02වනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.







































