
දකුණු බ්‍රසීලයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
අධිවේගී මාර්ගයකදී බස්රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් බස්රථයක් අදාළ අනතුරට මුහුණපා ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ද සඳහන් වෙයි.







































