
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් පුත්තලම කලපු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කලපු ප්‍රදේශයේ, ඊයේ (18) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති 75,0000 රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි ඊයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදී, අතහැර දමාගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සහ එහි තිබූ ඖෂධ පෙති තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.
තවද, මෙම ඩිංගි යාත්‍රාව සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.







































