
ඉන්දීය සහ තායිලන්ත හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසය අගෝස්තු 18 සිට අගෝස්තු 31 දක්වා තායිලන්තයේදී පැවැත්වෙයි.
කැළෑබද සහ අර්ධ නාගරික පරිසරයන් තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදී හා කැරලිකාරී කණ්ඩායම් මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා වන ඒකාබද්ධ හැකියාවන් වර්ධනය කරගැනීම මෙම යුද අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වෙයි.
මෙම යුද අභ්‍යාසය සඳහා දෙරටෙන්ම හමුදා සාමාජිකයින් 85දෙනා බැගින් එක්වෙයි.
දෙරට අතර පවතින හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම යුද අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වන අතර, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස, යුද සංග්‍රාමික සාකච්ඡා, දේශන, ප්‍රායෝගික නිරූපණයන් මෙන්ම අවසාන ඇගයීම් අභ්‍යාසයක් ද මීට ඇතුළත් වෙයි.







































