
මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක් වෙනත් රැකියා සඳහා යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
එමෙන්ම පොත් ප්‍රකාශන ආයතන සියයට 40ක ප්‍රමාණයක් ක්ෂේත්‍රයෙන් ඉවත්වී ඇති බව එම සංගමය සදහන් කළේය.
මුද්‍රිත පොත් සඳහා පළමුවරට 2023 වසරේ පනවන ලද වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බදු හේතුවෙන් පොත්වල මිල ගණන් ඉහළ යාම සහ අලෙවිය අඩු වීම මීට හේතුවී තිබේ.
ලෝකයේ රටවල් සියයට 95ක් මෙන්ම ආසියාවේ කිසිදු රටක් මුද්‍රිත පොත් සදහා බදු අය නොකරන බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
ඒ අනුව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති වැට් ඇතුළු බදු කඩිනමින් ඉවත් කරදීමට කටයුතු කරන ලෙස එම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ගාමිණී මොරගොඩ මහතා,
"අපි මේ වැට් බද්ද ගැන කතා කරන්නේ කියවීමේ පොත්වලට පමණයි. ලංකාවේ අවුරුදු 76ක් අපි හැමෝම හැමදාම 76,78 කාලයක් ගැන කතා කරනවා. කිසිම කාලයක මේකට බදු අය කළේ නෑ. 2023 ජනවාරි මාසෙ තමයි පළවෙනි වරට වැට් බද්ද දැම්මේ එවැනි වැට් බද්දක් අය කරන දවසේ ඉදන්ම මේ අපේ පුවත්පතට කනකොකා හැඩුවේ. වැට් ඉවත්කිරීම සුදුසුයි කියලා රටේ ඉන්න උගතුන්ට තමයි දැනෙන්නේ මේකෙ අසාධාරණ බද්ද තමයි වෙනත් රටවලට නැති කියවීමේ පොත්වලට දාලා තියෙන වැට් එක ගැන අපි මේ කතා කරන්නේ. මේක සමාජය හරියට දැනුවත් වෙලාත් නෑ. වෙන කවුරුත් දැනුවත් වෙලාචත් නෑ. අසරණ දෙමාපියෝ දූ දරුවෝ ගත්ත පොතට විශාල මුදලක් ගෙවනවා. වැඩිම ප්‍රතිලාභය ලබන්නේ රජය. ඒක වැරදියි කියන දේ තමයි අපි හැමෝම කියන්නේ. රජයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේ වැට් බද්ද ඉවත් කරලා දෙන්න. මේකෙන් රජයට විශාල පාඩුවක් ලැබෙන්නේ නෑ කියලා අපි පැහැදිලිව ගණන් හදලා පෙන්නන්නම්. ඒ සඳහා අවස්ථාවක් හදලා දෙන්න. අවම වසර 10ත් මේ බද්ද තිබුණොත් ලේඛන කලාව සම්පූර්ණයෙන්ම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙනවා"
"මේක දිගින් දිගටම ගියොත් රජය අපහසුතාවයටත් පත් වෙනවා. ජනාධිපතිතුමා පළවෙනිපාරම එතුමා ඉදිරිපත්කළ සියලුම දේවල්වලට වැට් ඉවත් කරනවා කියලා. අපි එතන්දි සම්පූර්ණයෙන්ම ඒක වැරදියි කියලා කියනවා. මොකද පෑන් පැන්සල් කොපි පොත් ගොඩක් ඒවා රටින් ගෙන්වන ඒවා ඒවායේ වැට් එකක් යම්කිසි ගාණක් රජයේ මේ තාක් අවුරුදු 77ම තිබුණු දෙයක්. අපි මේ කියන්නේ අලුතින් එකතු කරපු කියවීමේ පොත් ගියසැරේ අපි පොත් ප්‍රදර්ශනයට සම්පූර්ණයෙන් එන හැමෝම අත්සන් කරලා පෙත්සමක් හදලා දුන්නා. පසුගිය කාලේ ඒ ඇමතිවරුත් අපි හම්බ වුණාත අපි බලන්නම් කියලා කීවා"







































