
නීතිවිරෝධී මත්පැන් බෝතල් 200ක් සමඟ පුද්ගලයෙක්ව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ දින මෙම වැටලීම සිදුකර ඇත්තේ, මහබාගේ, මුතුරාජවල වගුරුබිම් ප්‍රදේශයේදී බවය.
පොලිස් භාරයට ගත් මත්පැන් සමඟ අදාළ පුද්ගලයා මේ වනවිට මහබාගේ පොලීසිය වෙත භාර දී ඇත.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 53ක් වූ ජා ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.





















































