header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පැය 24ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි
Aug 07, 202612:18 PM
පැය 24ක් යන්නත් පෙර බන්ධනාගාර තුනක් නොසන්සුන් වෙයි
Mobitel 1278

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ.

ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා සාමාජිකයින්ගේද සහාය මේ වන විට ලබාගෙන තිබේ.

ඇතිවූ නොසන්සුන්තාවලින් මේ වනවිට රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhRqKZo7E1os18Z9IrmfQRSCsMcNRwbGErX1yUjLST2d6SQ4Ruqk0Pc0oAcHvyJeN9T8XMIz7kL9b3nzaNcnnLnbHkfOxjaGwcqIKg2O5rSanegb7uuzVlt-SFG4BsHRzo9ltrirSFaN7i0FnQ_O1v7Y5vdoFKfMJI8cUweiPIYe6MzI7hgLi2pDrGfRK1/s1600/new-magzine-600.jpg

තාප්පයට ඉහළින් ආ පාර්සලයෙන් ඇවිළුණු මැගසින් බන්ධනාගාරය

සිදුවීම් මාලාවේ පළමු උණුසුම වාර්තා වූයේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙනි.

රාත්‍රී 10.20ට පමණ එහි ‘E’ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් හදිසියේ වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ නොසන්සුන්තාව ආරම්භ වී තිබිණි.

වාර්තා වන ආකාරයට ගැටුමට මුල් වී ඇත්තේ බන්ධනාගාර තාප්පයට ඉහළින් පිටත සිට ඇතුළට විසි කළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය භාරයට ගැනීමය.

එම සිදුවීමෙන් පසු මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර එහිදී සිරමැදිරියක අගුළු කඩා රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ බවද වාර්තා විය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර රැඳවියන් යළි සිරකුටි වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදා සාමාජිකයින් ද යොදවා තිබූ අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන යානාද යොදා ගැනීමටද පියවර ගැනුණි.

11ක් රෝහලට –රැඳවියෙකු ජීවිතක්ෂයට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ මෙම නොසන්සුන්තාවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔවුන් අතරින් එක් රැඳවියෙකු අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා විය.

කෙසේ නමුත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ බන්ධනාගාරයේ තත්ත්වය මේ වනවිට පාලනය කිරීමට පියවර ගෙන ඇති බවය.

කෙසේ වෙතත්, සිද්ධියෙන් පසු රැඳවියන් නවදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එමෙන්ම පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දිනයේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදීමටද බන්ධනාගාර අධිකාරීවරයා තීරණය කර ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9xOieEM2pasm9XrVsobGmnsWZMbGFQpVqlzBfkVxz3lqnvrYiONgjb1AuDNRJqy-5xNnRwli2HYMV_RQExgshTAYCRT7rP0SWLUKGg81oXpwiOQCLP9YlYW3epp3vHzKmhTAcdBnCVeuff8higbAhSntqCKB3-MPKZSbDB2YhzFw_iQ9asCo0UAkptLwc/s1600/new-magzine-600.jpg

මැගසින් උණුසුම මැකෙන්නත් පෙර කුරුවිටත් ඇවිළෙයි

මැගසින් බන්ධනාගාරයේ උණුසුම සම්පූර්ණයෙන් පහව යන්නටත් පෙර ඊයේ රාත්‍රියේම කුරුවිට බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා විය.

රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් සමත් වුවද අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාව වර්ධනය වී තිබිණි.

තත්ත්වය වඩාත් උත්සන්න වෙමින් රැඳවියන් විසින් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති අතර, අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

මෙම නොසන්සුන්තාව හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර ඔවුන්ගේ අනන්‍යතාව මේ වනතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. තවත් රැඳවියන් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.

“තත්ත්වය පාලනයට වෙඩි තැබීමට සිදුවුණා” – අධිකරණ ඇමති

කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය භාවිත කිරීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

අද දෙරණ කළ විමසීමකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකිරීමට සිදුවූ බවය.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh34IkPstLQCXGCrMUFRsvOxwMXtDf_3uMsuJDC0FQ4kUPHIOq4HD2lrwhN-8mzt_1MszCRLinv_eZMggwApht2ATf1gTqqdq4-DPPCLHST0Ok5bcHhb4q5LElXgNfiZUyiSq3TYgTASPoayWk8qJU3rmGiPodg8kZmB80IGevsdpHYSYsAA9_LwjWt7rNb/s1600/new-magzine-600.jpg

මැගසින්, කුරුවිටින් පසු නොසන්සුන් වූ පල්ලන්සේන

මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල තත්ත්වය යම් දුරකට පාලනය වෙමින් තිබියදී අද දිනයේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයෙන්ද තවත් නොසන්සුන්තාවක් වාර්තා විය.

එහි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මතට නැග විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වූ විය.

මේ වන විට එම තත්ත්වය පාලනය කිරීම සඳහාද ආරක්ෂක අංශ මැදිහත් ව ඇතැයිද සඳහන් වේ.

බන්ධනාගාර සිදුවීම් ගැන පාර්ලිමේන්තුවෙත් අවධානය

බන්ධනාගාර තුනක ඇති වූ නොසන්සුන්තාව අද පාර්ලිමේන්තුවේද අවධානයට ලක් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ මෙම සිදුවීම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ සභාව දැනුවත් කළ යුතු බවය.

මැගසින් බන්ධනාගාරයේ එක් මරණයක් සහ කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක් වාර්තා වී ඇති බැවින් සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කරුණු දැක්වීමක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මහජන ආරක්ෂක ඇමතිගෙනුත් ප්‍රකාශයක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ මීගමුවෙන් ආරම්භ වූ මෙම ගැටුම් මේ වන විට පල්ලන්සේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වී ඇති බවය.

මෙම ගැටුම් සම්බන්ධව මෙතෙක් ලැබි ඇති බුද්ධි තොරතුරු සහ ඇතැම් විමර්ශන මත මෙය යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව සැකයක් මේ වන විට මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත්ම මේ සඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද පැවසීය.

මෙම නොසන්සුන්තාවයන් මැඩ පැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තුළ කිසිදු රැඳවියෙකුගේ ජීවිත හානියක් සිදු නොවී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම බන්ධනාගාර සිද්ධීන් සියල්ල එක්ව ගත් කළ මෙය යම් සැලැස්මක් අනුව සිදුවෙන බව නිරීක්ෂණය වන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳව පූර්ණ විමර්ශන සිදු වෙමින් පවතින බවද වැඩිදුරටත් අදහස් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී