header logo
SLIC
වෙනත් පුවත්
නීතිවිරෝධි ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට
Aug 04, 202611:05 AM
නීතිවිරෝධි ධීවර කටයුතු කළ 36ක් නාවික හමුදා භාරයට
EDEX

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය ජූලි 16 සිට සිදුකළ මෙහෙයුම්වලින් වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතය ඇතුළු නීතිවිරෝධි ක්‍රම යොදාගෙන ධීවර කටයුතු සිදුකළ ධීවරයින් 36 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එහිදී ඩිංගි යාත්‍රා 17ක් සහ කැබ් රථයක්, ට්‍රැක්ටර් රථ දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය සල්පෙආරු, තුඩුව, ප‍රවි දූපත, සූඩයිකුඩා, අලම්පිල්, චිලාවත්තායි, යාපනය කඩ්ඩයිකාඩු කෙවිල්, කල්පිටිය ඉප්පන්තිව් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර ඇති බව සඳහන් වෙයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, යාපනය, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight