header logo
SLIC
වෙනත් පුවත්
ජීවිතයක් බිලිගත් පවුල් ආරවුල
Jul 29, 202609:56 AM
ජීවිතයක් බිලිගත් පවුල් ආරවුල
EDEX

ගම්පොළ, කීරපනේ ප්‍රදේශයේ නිවසක් තුළ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (28) රාත්‍රියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසියට ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කර පොලීසිය අදාළ ස්ථානය වෙත ගොස් තිබුණි.

පසුව තුවාල ලබා සිටි පුද්ගලයාව වහාම ගම්පොළ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට පසුව අනාවරණය වුණි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 52 ක් වූ කීරපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරියගේ පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 43ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight