header logo
Vallibel FD
Selan Bank
වෙනත් පුවත්
69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
Jul 28, 202607:32 PM
69 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
Mobitel 1278

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විධායක, ඉංජිනේරු, සැපයුම්, නාවික පාබල, විදුලි හා විද්‍යුත් සහ විනයාරක්‍ෂක යන අංශ වෙනුවෙන් 69 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ බඳවාගත් ශිෂ්‍යභට නිලධාරීන් 43ක් සහ ශිෂ්‍යභට නිලධාරිනියන් 04ක් ඇතුළු ශිෂ්‍යභට නිලධාරීන් 47 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති විසින් මෙහිදී සිදු කෙරිණි.

එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාව වෙත එක්වීම සඳහා අයදුම් කළ 625ක් පමණ අයදුම්කරුවන් අතරින් නාවික හමුදාවට එක්වීම සඳහා අවස්ථාව හිමි කරගත් ශිෂ්‍යභට නිලධාරීන් 47 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත නායකත්වය නියෝජනය කරන බව සඳහන් කළේය.

ශිෂ්‍යභට නිලධාරින් හට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් විනය, නායකත්වය සහ වෘත්තීයභාවයෙන් පිරිපුන් නිලධාරීන් ලෙස ගොඩනැංවීමට නාවික හමුදාව කැපවී සිටින බවද, අවධාරණය කරන ලදි.

සමුද්‍රීය ස්වෛරීභාවය ආරක්‍ෂා කරගනිමින්, ජාතියේ ගෞරවය රැකගැනීම සඳහා අවංකභාවයෙන්, ධෛර්යයෙන් හා පරාර්ථකාමීව අඛණ්ඩව සේවය කිරීම ගෞරවනීය වගකීමක් බවට පෙන්වාදුන් නාවික හමුදාධිපති, මෙම පත්වීම් ලිපිය නාවික හමුදාව ඔවුන් කෙරෙහි තබන ලද විශ්වාසයේ සංකේතයක් බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම, සිය තරුණ දූ පුතුන් නාවික හමුදාවට එක්වීම සඳහා දිරිමත් කල ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමව්පියන් වෙත නාවික හමුදාධිපති සිය ප්‍රණාමය පුදකරන ලදි.

තවද, මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලද ශිෂ්‍යභට නිලධාරීන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ