
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
ඒ එම විමර්ශනයට අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එසේම මරණ පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව හා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දෙන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත සිහි කැඳවීම් නිකුත් කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
මෙම නඩුව අගෝස්තු මස 19 වැනිදා යළි කැඳවිමට නියමිතය.


















































