header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත් කෙරේ
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත් කෙරේ
Mobitel 1278

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් පුරා කැපවීම, අධිෂ්ඨානය, වෘත්තීය නිපුණතාව සහ රාජ්‍ය සේවයට දැක්වූ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයට මෙම පත්වීම හිමිව ඇත.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලබා ඇති දිස්නා කාරියවසම් මහත්මිය මීට වසර 30කට ආසන්න කාලයකට පෙර කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වූවාය.

අනතුරුව පැවැති තරග විභාය සාර්ථකව සමත්වී දෙවන පන්තියේ ජේලර්වරියක බවට පත්වූ ඇය 2014 වසරේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හදිසි හා බුද්ධි අංශයේ දෙවන පන්තියේ ජේලර්වරියක ලෙස රාජකාරි ආරම්භ කළාය.

පසුව දෙපාර්තමේන්තුවේ උසස්වීම සඳහා අවශ්‍ය දෙමළ භාෂාව, පරිපාලනය සහ ගිණුම්කරණය යන විෂයන්ට අදාළ විභාග සාර්ථකව සමත් වී පළමු පන්තියේ ජේලර්වරිය බවටත් අනතුරුව ප්‍රධාන ජේලර්වරිය ලෙසත් උසස්වීම් ලැබුවාය.

සිය සේවා කාලය තුළ ඇය ගාල්ල බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, බදුල්ල බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර මූලස්ථානය ඇතුළු ආයතන රැසක සේවය කර ඇත.

මේ ආදි වූ විවිධ සේවා අත්දැකීම් තුළින් ඇය සිය නායකත්ව හැකියාවන්, පරිපාලන කුසලතා, පුනරුත්ථාපන කටයුතු පිළිබඳ දැනුම සහ රාජ්‍ය සේවයට ඇති කැපවීම තවදුරටත් වර්ධනය කර ගැනීමට සමත් වූවාය.

අඛණ්ඩ ඉගෙනුමට කැපවූ නිලධාරිනියක වන ඇය ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන්
Correction, Prison Reforms and Rehabilitation පිළිබඳ ඩිප්ලෝමාව සහ උසස් ඩිප්ලෝමාව ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව (Criminology) පිළිබඳ ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර තිබේ.

මෙම අධ්‍යාපනික සුදුසුකම් ඇයගේ බන්ධනාගාර පරිපාලනය, පුනරුත්ථාපනය, උපදේශනය සහ වැරදිකරුවන්ගේ කළමනාකරණය පිළිබඳ වෘත්තීය දැනුම තවදුරටත් ශක්තිමත් කර කරන අතර
ඊයේ දින තරගකාරී සම්මුඛ පරීක්ෂණය සාර්ථකව සමත් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස පත් කිරීමටද පියවර ගෙන ඇත.

මෙම පත්වීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, එය ඇයගේ වසර ගණනාවක කැපවීම, වෘත්තීයභාවය සහ නායකත්වයේ ඉහළම ඇගයීමකි.

වෘත්තීය ජීවිතයට අමතරව ඇය දක්ෂ ක්‍රීඩිකාවක ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත. මාස්ටර්ස් මලල ක්‍රීඩා තරග, අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා තරග සහ රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පදක්කම් සහ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දී ඇත.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

Mobitel 1278
Lassana Flora

Spotlight

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

ආනන්ද පාලිත රිමාන්ඩ්

ආනන්ද පාලිත රිමාන්ඩ්

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්