KKS නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට නැවතත් සාමාන්‍ය පරිදි ධාවනයට
July 13, 2026 10:04 pm
කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරකට පමණක් සීමා කිරීමට දුම්රිය පාලනාධිකාරිය මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින්, හෙට (14) සිට එය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
බලවේග කට්ටල (Power Sets) හිඟකම හේතුවක් ලෙස දක්වමින් දුම්රිය පාලනාධිකාරිය විසින් මීට පෙර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මෙම දුම්රියේ ධාවනය අත්හිටුවීමට තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම සීමා කිරීම් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය භාවිත කරන මගී ජනතාව දැඩි අපහසුතාවකට සහ පීඩාවකට ලක්වන බව දුම්රිය වෘත්තීය සංගම් විසින් පාලනාධිකාරිය වෙත පෙන්වා දී තිබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, මීට පෙර අවලංගු කර තිබූ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවලද මෙම නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත.
ඒ අනුව මගීන්ට පෙර පරිදිම සතියේ දිනවල බාධාවකින් තොරව මෙම සේවාව ලබාගත හැකි වනු ඇත.
