
සුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 සහ 22 වියේ පසුවන තරුණයෙකු සහ තරුණියක් වන අතර ඔවුන් කටාන සහ කුලියාපිටිය ප්‍රදේශයන්හි පදිංචි අය බව සඳහන් වේ.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව පොළොන්නරුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 27ක් සහ තරුණිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 6,310ක්ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.
එමෙන්ම ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථය ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





















































