header logo
SLIC
වෙනත් පුවත්
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තලදී කතක් අත්අඩංගුවට
Jul 12, 202608:59 AM
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තලදී කතක් අත්අඩංගුවට
EDEX

අයිස් කිලෝග්‍රෑම් එකකට අධික තොගයක් සහ හෙරොයින් සමග කාන්තාවක් වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේය.

එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 140 ක් සහ හෙරොයින් ග්‍රෑම් 538 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

සැකකාරිය 36 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight