
නුවරඑලිය බස් නැවතුම්පොළ අසළින් නුවරඑළිය ග්‍රෙගරිවැව ආසන්නයේ, තලගලඔයට පෞද්ගලික බස් රථයක් පෙරළී (08) දින අනතුරක් සිදු වී තිබේ.
නුවරඑළියේ සිට නුවරඑළිය ශාන්තිපුර දක්වා ධාවනය වන මෙම පෞද්ගලික බස් රථය ගාල් කිරීමට යෑමේ දී රියදුරුගේ පාලනයෙන් මිදි තලගලඔයට පෙරළී මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවත් නුවරඑළිය පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේය.

















































