header logo
SLIC
වෙනත් පුවත්
මෙරට සහ පාකිස්තානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍ර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
Jul 03, 202605:59 PM
මෙරට සහ පාකිස්තානය අතර ගුවන් හා වරාය ක්ෂේත්‍ර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය
EDEX

වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස අතර නිල හමුවක් ඊයේ (02) වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්තවය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව පුළුල්ව අදහස් හුවමාරු කරගන්නා ලදි.

ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම, දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ක්ෂේත්‍රයේ අනාගත සංවර්ධන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම වරාය හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ දැනුඹ හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කාරණ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද කලාපීය ප්‍රවාහන හා ලොජිස්ටික් ක්ෂේත්‍රයන්හී ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් පිළිබඳවද මෙහිදී කරුණු හුවමාරු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සහ දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight