header logo
SLIC
වෙනත් පුවත්
විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවට
Jul 02, 202611:08 AM
විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවට
EDEX

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 652ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඊයේ (01) දිනයේදී පුද්ගලයින් 26,377ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන්ගෙන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 25ක් හඳුනාගත් අතර විවෘත වරෙන්තුකරුවන් 129ක්ද අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 53ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 129ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලීසිය සඳහන් කළේ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,249කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight