header logo
SLIC
වෙනත් පුවත්
සූකරයින්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්
Jul 01, 202609:55 AM
සූකරයින්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්
EDEX

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් නව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණයකට අනුව මෙම රක්ෂණ ක්‍රමය සත්ත්ව පාලන ගොවීන් වෙත හඳුන්වා දීමට පියවර ගත් බවය.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව්‍යාපාරික මට්ටමේ සූකර ගොවිපළවල අභිජනන සතුන් මෙම රක්ෂණ ආවරණයට ඇතුළත් කෙරේ.

අප්‍රිකානු සූකර උණ, හදිසි අනතුරු සහ වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන සතුන්ගේ මරණ සඳහා මෙම රක්ෂණය යටතේ ආවරණ ලබා දීමට නියමිතය.

රක්ෂණ කාලය තුළ මාස 06 සිට අවුරුදු හතර හමාරක් දක්වා වයස් කාණ්ඩවල අභිජනන සතුන් සඳහා වාර්ෂිකව උපරිම රුපියල් 200,000ක රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණ පහසුකම් ලබාගත හැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රදේශීය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල දිස්ත්‍රික් කාර්යාල, පශු වෛද්‍ය කාර්යාල, සත්ත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් හෝ 1918 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ලබාගත හැක.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight