
පොසොන් පොහොය දා දිය ඇළි නැරඹීමට යතුරුපැදි 15කින් ගමන් කල කණ්ඩායමක යතුරුපැදිකරුවන් තිදෙනෙකු නෝර්ටන්බ්‍රිජ් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් පොසොන් පොහොයට යතුරුපැදි 15කින් 30 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නෝර්ටන්බ්‍රිජ් හරහා දා ගාඩ්මෝර්, මරේ, ලක්ෂපාන සහ ඇබර්ඩීන් යන දිය ඇළි නැරඹීමට ගොස් තිබේ.
එහිදී නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරීන් එම යතුරුපැදි නතර කර පරීක්ෂා කිරීමේදී තරුණයින් තිදෙනෙකු පලාගොස් තිබේ.
පසුව එම යතුරුපැදිකරු ලුහුබැද ගොස් පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදි ධාවනය කළ තරුණයින්ට රියදුරු බලපත්‍රයක් නොමැති බවටද තහවුරු වීම නිසා සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 වසස් කාණ්ඩවල පසුවන අයවන අතර ඔවුන් අද (30) හැටන් මහෙස්ත්‍රාත්වරා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.





















