header logo
SLIC
වෙනත් පුවත්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්
Jun 23, 202610:58 AM
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට කඩිනම් විසඳුම්
EDEX

සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ (ACMLS) වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ එම සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් වසර කිහිපයක් බඳවා නොගැනීම හේතුවෙන් රෝහල් පද්ධතිය තුළ උද්ගතව ඇති සේවක හිඟය මෙන්ම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් වර්තමානයේ මුහුණදෙනු ලබන වෘත්තීය ගැටළු කිහිපයක් කෙරෙහි මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධාණය යොමු වී තිබේ.

එහිදී පවතින වෘත්තීය ගැටළු කිහිපයකට අදාළ එකඟතාවයන්ට එළඹීම මෙන්ම වෘත්තීය අභිවෘද්ධිය අරමුණු කරගත් තීන්දු තීරණ කිහිපයකට ද අදාළව සවිස්තර කරුණු සොයාබැලීමක් ද සිදුවී ඇත.

දිවයින පුරා රෝහල්වල පවතින වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ හිඟයට හේතුව වසර තුනහමාරකට අධික කාලයක් තිස්සේ ඊට අදාළ බඳවා ගැනීම් සිදු නොවීම වන බැවින් උපාධිධාරීන් බඳවා ගැනීමට බලපා ඇති අධිකරණ ක්‍රියාමාර්ගය ඉදිරි කාලයේ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන හෙයින් එය අවසන් වූ වහාම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති, දැනට අනුමත සියලුම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට මෙහිදී තීරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight