header logo
SLIC
වෙනත් පුවත්
ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්
Jun 22, 202605:53 PM
ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කෙරේ - JICA ආයතනයෙන්යෙන් මිලියන 400ක්
EDEX

මෙරට ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර පැවති මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ සැලසුම් කළ පරිදි 2029 වසරේදී ඩිජිටල් රූපවාහිනී සේවාව නිල වශයෙන් ජනතාව වෙත හඳුන්වාදීමටයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතු වේගවත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා පරිපාලන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් ශ්‍රී ලංකාවට යෙන් මිලියන 400ක අතිරේක ප්‍රදානයක් ලබාදීමට නියමිත බවද සඳහන් වේ.

නව ඩිජිටල් රූපවාහිනී සේවාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා එම සහාය යොදා ගැනීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight