header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්
Jun 13, 202611:45 AM
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්
Mobitel 1278

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු සහ අමානුෂික පහරදී ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි සේ කැලඹීමකට ලක්ව තිබේ.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී පොලීසිය විසින් හේතුවක් නැතිව නවතා ඇත.

අනතුරුව ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට තල්ලු කරමින් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවට සිටි පිරිස් සහ නයීම් විසින් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ.

"මම කවුද කියලා ඔවුන්ට නැවත නැවතත් කිව්වා. නමුත් ඔවුන් මම කියන දේ ඇහුවේ නෑ. පොලීසිය මට අමානුෂික ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් ගැහුවා.

පසුව පොලිස් ස්ථානයේදී මාව හඳුනා ගත් විට, ස්ථානාධිපතිවරයා මට කතා කරන අතරතුර ඔළුව පහත් කරගෙන සිටින ලෙස පැවසුවා. ඔවුන් ඇත්තටම පොලිස් නිලධාරීන් නම්, මාව පොලිස් වාහනයකට නොගෙන ත්‍රීරෝද රථයකට දාන්න හැදුවේ ඇයි?.

මට මුළු සිද්ධිය සම්බන්ධයෙන්ම සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තියක් අවශ්‍යයි."

මෙම පහරදීමට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) වහාම ක්‍රියාත්මක වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නයීම් වෙනුවෙන් හඬ අවදි කර ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් මේ පිළිබඳව සිය දැඩි කනගාටුව සහ අප්‍රසාදය පළ කර තිබේ.

"නයීම්ට සිදුවූ දේ කිසිසේත්ම අනුමත කරන්න බෑ. නයීම්ට සිදු වූ දේ මට රිදවනවා, ඒ වගේම ලැජ්ජාවක් සේ දැනෙනවා. බංග්ලාදේශ පුරවැසියෙකු ලෙස මෙම සිදුවීමට විරෝධය පළ කරනවා. නයීම්, අපි ඔබ සමඟයි!"

සිද්ධිය සම්බන්ධයෙන් චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා බවයි.

බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව 2018 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් නයීම්, මේ වනවිට ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම මේ මස අගදී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එකම ටෙස්ට් තරගයට නම්කළ 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයටද 26 හැවිරිදි නයීම් නම් කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ