header logo
SLIC
උණුසුම් පුවත්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්
Jun 13, 202611:45 AM
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්
Mobitel 1278

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු සහ අමානුෂික පහරදී ඇති බව එරට මාධ්‍ය පවසයි.

ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි සේ කැලඹීමකට ලක්ව තිබේ.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී පොලීසිය විසින් හේතුවක් නැතිව නවතා ඇත.

අනතුරුව ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට තල්ලු කරමින් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවට සිටි පිරිස් සහ නයීම් විසින් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ.

"මම කවුද කියලා ඔවුන්ට නැවත නැවතත් කිව්වා. නමුත් ඔවුන් මම කියන දේ ඇහුවේ නෑ. පොලීසිය මට අමානුෂික ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් ගැහුවා.

පසුව පොලිස් ස්ථානයේදී මාව හඳුනා ගත් විට, ස්ථානාධිපතිවරයා මට කතා කරන අතරතුර ඔළුව පහත් කරගෙන සිටින ලෙස පැවසුවා. ඔවුන් ඇත්තටම පොලිස් නිලධාරීන් නම්, මාව පොලිස් වාහනයකට නොගෙන ත්‍රීරෝද රථයකට දාන්න හැදුවේ ඇයි?.

මට මුළු සිද්ධිය සම්බන්ධයෙන්ම සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තියක් අවශ්‍යයි."

මෙම පහරදීමට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) වහාම ක්‍රියාත්මක වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නයීම් වෙනුවෙන් හඬ අවදි කර ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් මේ පිළිබඳව සිය දැඩි කනගාටුව සහ අප්‍රසාදය පළ කර තිබේ.

"නයීම්ට සිදුවූ දේ කිසිසේත්ම අනුමත කරන්න බෑ. නයීම්ට සිදු වූ දේ මට රිදවනවා, ඒ වගේම ලැජ්ජාවක් සේ දැනෙනවා. බංග්ලාදේශ පුරවැසියෙකු ලෙස මෙම සිදුවීමට විරෝධය පළ කරනවා. නයීම්, අපි ඔබ සමඟයි!"

සිද්ධිය සම්බන්ධයෙන් චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා බවයි.

බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව 2018 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් නයීම්, මේ වනවිට ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම මේ මස අගදී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එකම ටෙස්ට් තරගයට නම්කළ 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයටද 26 හැවිරිදි නයීම් නම් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි