header logo
SLIC
සයුරෙන් එතෙර
ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාර අවලංගු කළ බව ට්‍රම්ප් කියයි
Jun 12, 202604:49 AM
ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාර අවලංගු කළ බව ට්‍රම්ප් කියයි
EDEX

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඉරාන නායකත්වය සහ කලාපීය රටවල් කිහිපයක් ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා අනුමැතිය ලබාදී ඇති බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, අවසන් එකඟතාවකට පැමිණ ගිවිසුම අත්සන් කරන තෙක් ඉරානයට එරෙහිව පනවා ඇති නාවික අවහිර කිරීම අඛණ්ඩව පවත්වාගෙන යන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අදාළ ගිවිසුම අත්සන් කරන දිනය, වේලාව සහ ස්ථානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර, ට්‍රම්ප්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉරාන පාර්ශ්වයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට