
යාපනය ඇන්ටනිපුරම් ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 220ක බරින් යුතු කේරළ ගංජා පාර්සල් 102ක් සොයාගෙන තිබේ.
ඒ, ලද බුද්ධි තොරතුරකට අනුව යාකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (07) එම ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදීය.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 36ක් වන බව යුද හමුදාව සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබයි.





















































