කුවේට්හි ගුවන්තොටුපොළට එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් තුවාල
June 3, 2026 10:39 pm
කුවේට්හි ප්‍රධාන ගුවන් තොටුපළ වෙත අද (03) එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
ඔවුන් තිදෙනාම සුළු තුවාල ලබා ඇති අතර ප්‍රථිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා පැවසුවේය.
ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට තත්ත්වය විමසා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම අවශ්‍ය කටයුතු සිදුකළ බව ඒ මහතා පැවසීය.
මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස එහි සේවය කර ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය පිළිබඳ කුවේට් රාජ්‍ය ආයතන සිදුකරන මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේට්හි සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.
