
වෙසක් පොහෝ දින බලපත්‍ර රහිතව හිංසාකාරී ලෙස ගවයකු ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු හැටන් ප්‍රදේශයේදී හැටන් පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් හැටන් පරණ කොළඹ පාරේ, රොතැස් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී ඊයේ (31) මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර, එහි පිටුපස අසුනේ සිටි දෙදෙනා ගවයා බිම දමා පාගාගෙන පැමිණ ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නාවලපිටිය, කැටබුලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් ගවයා ප්‍රවාහනය සඳහා භාවිතා කළ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් හැටන් මහෙස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.





















