header logo
SLIC
වෙනත් පුවත්
තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
May 27, 202606:18 AM
තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
EDEX

අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ.

බුද්ධංගල දෙස සිට හොල්මන්ගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් බාලිකා වට රවුම දෙස සිට අම්පාර මහ රෝහල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී ඊයේ රාත්‍රීයේ මෙම ‍අනතුරක් සිදුව ඇත.

අදාළ අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කල තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, දඩයන්තලාව හා නවගම්පුර ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 23 හා 24 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර කොස්ගොඩ පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාලේගම හන්දිය ආසන්නයෙදී ගාල්ල දෙසට ධාවනය වූ හඳුනා නොගත් රථයක පදිකයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසය පවසයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සිදුකළ රථය පලාගොස් ඇති අතර සැකකාර රියැදුරු අත්අඩංගුවට ගැනිම සඳහා කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

https://youtu.be/oOfMh3mYLNQ
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight